ඉරණමඩු වැව
Sri Lanka /
Kilinochchi /
Iranaimadhu,இரணைமடு
World
/ Sri Lanka
/ Kilinochchi
/ Kilinochchi
විල් / වැව / තටාකය
ප්‍රවර්ග එකතු කරන්න

ඉරණමඩු ජලාශය උතුරු පළාතේ ඇති ප්‍රධානතම ජලාශයයි. වර්ග කිලෝ මීටර් පනහක පමණ භූමි ප්‍රදේශයක් මේ ඉරණමඩු ජලාශයට අයත් වෙයි. පස්‌වෙනි ශතවර්ෂයේදී ධාතුසේන රජතුමා විසින් ඉදිකළ මේ ඉරණමඩු ජලාශය එදා හඳුන්වා ඇත්තේ "රණමඩු" ජලාශය වශයෙනි. එවකට පැවති පරිපාලනමය තත්ත්වය යටතේ උතුරුමැද පළාතට මේ "රණමඩු" ජලාශය අයත් වූ අතර ප්‍රාදේශීය පාලනයෙන් බෙදීයැමේදී යාපනයේ රජ කළ අප්‍රකට රජෙකු බාරයට "රණමඩු" ජලාශය පත්ව තිබේ.
යල මහ දෙකන්නයට ඉතා හොඳින් කුඹුරු වගකිරීමට හැකි මේ ඉරණමඩු ජලාශය වටා ඇති ජල පෝෂක වනාන්තරයේ වන්නියටම ආවේණික වූ ඉතා දුර්ලභ ගණයේ ශාක හා කඩොලාන වලින් පරිපෝෂිත වූ ප්‍රදේශයකි. මාස් කන්නයේ මහවැසි සමග ඉරණමඩු කොමළිය වාන්දමන විට මුළු මහත් වන්නියටම දැඩි චමත්කාර සුන්දර දසුනක් ගෙන එයි.
පෙර රජවරුන් වැව් බැඳි රටක් නිර්මාණය කරමින් ගිය ගමනේදී මේ වැව් කර්මාන්තය නිමාවී ඇත්තේ වන්නියෙනි. එදා "වැව්නිමාව" ලෙස සැලකූ මේ භූමිය අද වවුනියාව බවට පත්වී ඇති බවට ඉදිරිපත් කළ හැකි පුරාවිද්‍යා සාධකද එමටය. 1902 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්‌කරණය කළ අවස්‌ථාවේද වැවේ ධාරිතාවය අක්‌කර අඩි 119 කින් වැඩි කිරීමට කටයුතු කළා මිස එදා ධාතුසේන රජතුමාගේ මූලික බලාපොරොත්තුවට හෝ උත්සාහයට අබමල් රේණුවක තරම් හෝ විනාශයක් සිදු කිරීමට ක්‍රියාකොට නොමැත.

ආසන්න නගර:
ඛණ්ඩාංක: 9°17'56"N 80°27'1"E
- කල්මඩුකුලම 8.8 කි.මි.
- මුරිප්පු වැව 14 කි.මි.
- අක්කරායන්කුලම් වැව 15 කි.මි.
- Vavunikulama Tank, Sri Lanka. 25 කි.මි.
- කණකරායන්කුලම් 27 කි.මි.
- නන්දිකඩාල් කලපුව 31 කි.මි.
- Thannimuruppukulam 37 කි.මි.
- චේමමඩු වැව 48 කි.මි.
- කල්මඩු වැව 52 කි.මි.
- පදවිය වැව 61 කි.මි.
- කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය 10 කි.මි.
- ඉන්ධන පිරවුම්හළ 10 කි.මි.
- කණිෂ්ට මහා විද්‍යාලය කිලිනේච්චිය 12 කි.මි.
- කිලිනොච්චි හින්දු විදුහල 13 කි.මි.
- කරඩිප්පෝක්කු හන්දිය 13 කි.මි.
- උරුතිපුරම් රෝහල 15 කි.මි.
- පරන්තන් හින්දු මහා විද්‍යාලය 16 කි.මි.
- රසායනික කර්මාන්තශාලාව- පරන්තන් 17 කි.මි.
- තුනුක්කායි කලාප අධ්‍යාපන කාර්යාලය 18 කි.මි.
- හමුදාවෝ මාන්කුලම් අත්පත් කර ගනිති 19 කි.මි.