| |||||||
![]() ![]() ![]() ![]() ![]() ![]() | |||||||
හමුදාවෝ මාන්කුලම් අත්පත් කර ගනිතිචන්ද්රිකා පෙරේරා සහ මහින්ද කුලතුංග සිළුමිණ 2008/11/18
ඒ-9 මාර්ගයේ මාන්කුලම් සසහ පනික්කන්කුලම් නගර දෙක ඊයේ (17) සවස ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා ලදී. මේ නගර දෙක අයත් වන්නේ මුලතිව් දිස්ති‍්‍රක්කයටය. මේ ප‍්‍රදේශ දෙක අතර දුර කිලෝමීටර් 10 ක් පමණ වෙයි. මාන්කුලමට උතුරින් පනික්කන්කුලම් පිහිටා තිබේ. යේ උදේ සිට පැවැති දැඩි සටනකින් පසු සවස 2.00 ට පමණ මාන්කුලම් සහ පනික්කන්කුලම යන නගර දෙකම සියතට ගැනීමට යුදහමුදාවෝ සමත්වූහ. මේ ප‍්‍රදේශ අත්පත්කර ගත්තේ දස වසරකට පසුවය.යුද හමුදාවේ 3 වැනි කාර්ය සාධක බළකාය විසින් මේ නගර දෙක ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත් අතර ඊට නායකත්වය දී ඇත්තේ බි‍්‍රගේඩියර් සත්‍යප‍්‍රිය ලියනගේ බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේය. ඒ - 9 පාරේ පිහිටි මාන්කුලම් නගරය උතුරේ අතිශය වැදගත් ප‍්‍රධාන නගරයක් වන අතර මාන්කුලමට බටහිරින් වන්නිවිලයන්කුලම් පාරත් මාන්කුලමට නැගෙනහිරින් ඕලුමඩු පාරත් මාන්කුලමට දකුණින් කනකරායන්කුලම් නගරයත් පිහිටා තිබේ.ත‍්‍රස්තවාදීන්ගේ මරඋගුල් සහ යුද අගල් රැසකින් සමන්විතව බංකර ගණනාවක් සහිතව මාන්කුලම්හි බලය ඔවුන් පවත්වාගෙන ගිය අතර ඉතාමත් සාර්ථකව එම සියලු බාධක මැඩගෙන ඊයේ උදේ සිට දැඩි ප‍්‍රහාර එල්ල කළ යුද හමුදාව ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ. Category: Not approved
| |||||||
|
|||||||