පිටවල පතන
Sri Lanka /
Matale /
World
/ Sri Lanka
/ Matale
/ Matale
World / ශ්‍රී ලංකාව /
grassland (en)
ප්‍රවර්ග එකතු කරන්න
මාතලේ නගරයේ සිට රත්තොට ට පැමිණ එතැන් සිට මී. 15 ක් පමණ දුෂ්කර මාර්ගයක ගමන් ගත් කල රිවස්ටන් සම්ප්‍රේෂණ කුළුණ ට පැමිණිය හැක. මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් වන ප්‍රදේශයකි. මෙම මාර්ගය ඔස්සේ පැමිණෙන විට විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ දැකිය හැකි විවිධ දේශගුණික කලාප දැකිය හැකි වීමයි.
මෙම ප්‍රදේශයේ විශේෂත්වය වනුයේ පස් තට්ටුව අගල් එකක් පමණ තුනී වීමයි. සමහර ස්ථාන වල ගල් තට්ටුව පෑදී ඇත. එබැවින් ප්‍රදේශයම වැවී ඇත්තේ තෘණ වර්ග පමණක් වේ.
පිටවල පතන අක්කර කීපයකට පමණක් සීමා වේ. නමුත් එහි ඇති පාරිසරිත වැදගත් කම අති මහත්ය. ඒ නිසාම රජය විසින් එම ප්‍රදේශය අධ්‍යාපනික, පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සදහා වෙන්කල කලාපයක් ලෙස නම් කර ඇත.
මෙහි ඇති විශේෂම වැදගත් කම වන්නේ පිටවල පතනට පමණක් ආවේණික ශාක වර්ගයක් පැවතීමයි. ඒ ‘පතන් අල” ලෙස හදුන්වන ශාක විශේෂයයි. අගල් දෙකකට වඩා උස නොවන මෙම ශාඛය කොළ පැහැති දිගැති පත්‍ර වලින් සමන්විත වේ. නියං කාලයට මෙම ශාඛය වියලී යන අතර එහි අලය නොමැරී පවතී. නැවත වැසි ලැබුණු විට අලයෙන් පැලය මතුවේ.
මෙම ප්‍රදේශයේ දැකිය හැකි කදුලැස්ස ශාකය නකල්ස් කදු පන්තියට ආවේනික ශාකයකි. මෙම ශාකයේ විශේෂත්වය වන්නේ එය මාංශ භක්ෂක ශාකයක් වීමයි. මෙම ශාකයේ ඇති දිගැටි රේනු වැනි පත්‍ර සියුම් කෙදි හා මැලියම් වර්ගයකින් සමන්විත වේ. එහි සුවදට ඇදී එන කුඩා කෘමීන් එහි ඇති මැලියම් වල ඇලෙයි. ශාකය මගින් එම සතාව ජීර්ණය කර යුෂ ශාකයට උරා ගැනෙයි.
නිල් මොණරැස්ස” ශාකය ද නකල්ස් කදු පන්තියට ආවේණික මාංශ භක්ෂක ශාක විශේෂයකි. මෙහි ඇති ලා නිල් පැහැති මල ඉතා කුඩා වන අතර කෘමියෙකු මල තුලට රිංගා ගත් විට මලෙහි පියන වැසී යයි.
“වටැස්ස” ද මෙම ප්‍රදේශයේ දැකිය හැකි නකල්ස් කදු පන්තියට ආවේණික මාංශ භක්ෂක ශාකයකි.
මෙම ප්‍රදේශයේ දැකිය හැකි “රළු ගම්පර මැඩියා” නකල්ස් ආවේණික සත්වයෙකි.
දර්ශනීය මෙන්ම දුර්ලභ සමනල විශේෂ රාශියක් ම මේ ප්‍රදේශය ආශ්‍රිතව දක්නට හැකියාව ඇත.
පිටවල පතනේ එක් කෙළවරක් අධික බෑවුම් සහිත හෙලකි. එය බොහෝ දෙනා හදුන්වන්නේ “පුංචි ලෝකාන්තය” යනුවෙනි. එහි සිට සෘජුවම බෑවුම් වූ අඩි 100 ක් පමණ ප්‍රපාතයනෙයන් පහල දර්ශනය නැරඹීමට බොහෝ සංචාරකයින් මෙම පතන හරහා යයි
හුදු විනෝදය පිණිස පමණක් මෙහි පැමිණෙන පරිසරය පිළිබද නොතකන සංචාරකයින් හේතුවෙන් පිටවල පතන දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ පා ඇත. මෙවන් පාරිසරික උරුමයන් මතු පරපුර වෙත ද දායාද කිරීම අප සැමගේ යුතුකමයි.

විකිපීඩියා ලිපිය: http://en.wikipedia.org/wiki/Pitawala_Pathana
ආසන්න නගර:
ඛණ්ඩාංක: 7°32'4"N 80°43'43"E