ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කඩවත් සතර-ගාල්ල (ගාල්ල)

Sri Lanka / Galla / Galle / ගාල්ල / Wakwella Road, DIVISIONAL SECRETARIAT OFFICE - GALLE FOUR GRAVETS
 කාර්යයාල ගොඩනැගිල්ල  ප්‍රවර්ග එකතු කරන්න

අපගේ දැක්ම
ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාව සඳහා විශිෂ්ඨ හා කාර්යක්ෂම සේවාවක් සැපයීම

අපගේ මෙහෙවර
සහභාගිත්වයෙන් යුත්, කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම


ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇත. මෙම කෙ‍ාට්ඨාශය වෙරළ කලාපයට යාබදව සැතපුම් 5කට අඩු දුර ප්‍රමාණයක විහිදී ඇති අතර එය රට අභ්‍යන්තරයට වෙරළේ සිට සැතපුම් 4කට වඩා අඩු දුර ප්‍රමාණයක විහිදේ.

වර්ග කිලෝමීටර් 22.4 ක් නැතහොත් හෙටෙයාර් 2243 ක් ‍විශාල වේ. මෛ කොට්ඨාශයට ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 1.35 % ක් අයත්වේ

ගාල්ලෙ‍් ඉදි වූ පැරණි යුරෝපීය නගරය


ගාල්ල ප්‍රදෙ‍්ශයෙ‍්ත් ගාල්ල නගරයත් වඩා ප්‍රචලිත වූ යෙ‍් ගාල්ල කොටුව නිසාය. යමෙකු ගාල්ලට යන්නෙ‍් නම් ඔහුගෙ‍් අවධානය කැමැත්ත සහ මනාපය නිතැතින්ම යොමුවන ස්ථානයකි, ගාලු කොටුව. එය දකුණෙ‍් උරුමයකි, ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි. ගාලු කොටු දොරකඩෙන් කොටුව තුලට ඇතුල් වන්නකුට ඉතිහාසය පොතෙ‍් හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකි වනු අ‍ැත.
ගාලු කොටුව ප්‍රථමයෙන් ගොඩ නංවන ලද්දෙ‍් පෘතුගීසින් විසිනි. එය මුරකුටි තුනකින් යුක්ත වූ කුඩා බල කොටුවකි. පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමග වෙළඳ ගනුදෙනු වල නියැලුණෝය. පසුව පැමිණි ලන්දෙ‍්සීන් විසින් පෘතුගීසීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නා ලදී.
අංග සම්පූර්ණ බලකොටුවක් ලෙසට එය වර්ධනය වූ යෙ‍් ලන්දෙ‍්සීන්ගෙ‍් කාලයෙ‍්දී ය. කොටු බැම්ම බැඳ ඇත්තෙ‍් විශාල කළුගල් කුට්ටි වලිනි. එහි උස අඩි පනහෙ‍් සිට හැත්තෑව දක්වා වේ. බැම්මේ පළල අඩි පනහකි. ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසටත් අනෙක් දොරටුව උතුරු දෙසටත් පිහිටා ඇත. නැගෙනහිර දෙසින් වත්මන් ගාලු නගරයට මුහුණ ලා පිහිටියද අනෙක් පැති වලින් කොටුව වටේටම ඇත්තෙ‍් ඉන්දියන් සයුරේ අපෙ‍් වෙරළය.


දිවයිනෙ‍් ඇති අනෙක් කොටු වලට වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාලය. වපසරිය අක්කර අනූ හයකි. බැම්මේ සම්පූර්ණ දිග සැතපුම් දෙකකි. 1974 වර්ෂයෙ‍් දි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට තිබී ඇත්තෙ‍් වගුරු බිමකි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්ව ඇත්තෙ‍් එම ප්‍රදෙ‍්ශය විය යුතුය. කොටු බැම්ම මත සාදා තිබූ මුර කුටි බොහො‍්මයකි. ඒවා ZWART BASTION (සැවර්ට බැස්ටියන්) UTRECT BASTION (යුට්රව් බැස්ටියන්) TRITON BASTIONට්‍රයිටන් බැස්ටියන්) NEPTUNE BASTION (නෙප්චූන් බැස්ටියන්) CLIPPEN BERG BASTION (ක්ලිපන් බර්ග් බැස්ටියන්) AEOLUS BASTION (එළියස් බැස්ටියන්) STAR BASTION (ස්ටාර් බැස්ටියන්) SUN BASTION (සන් බැස්ටියන්) AURORA BASTION (අව් රෝරා බැස්ටියන්) ආදී ලෙස හැඳින්විය.


මෙම මුර කුටිවල එකල සතුරු අ‍ාක්‍රමණ වලට මුහුණ දීම සඳහා දිවා රාත්‍රී දෙකෙ‍් මුර සෙබළුන් රඳවා තබන්නටඇත.

කොටුවේ පළමුවැනි පාළකයා “ අද්මිරාල් කොස්ට්‍රල්” නම් විය. දිවයිනෙ‍් ප්‍රථම ප්‍රදිපාගාරය තනා තිබුණෙ‍්ද කොටුව තුළ ය. එය තිබී ඇත්තෙ‍් FLAG ROCK BASTION නම් ස්ථානයෙ‍් ය. පසු කලෙක එය විනාශ වී ගොස් ඇති අතර දැනට ඇති ප්‍රදීපාගාරය 1930 දි පමණ සාදන ලද්දකි. MOON BASTION මුර අට්ටාලය තිබුණු ස්ථානයෙ‍් පසු කලෙක ගාලු කොටුව මතින් යෝදයකු සෙ‍් නැගී සිටින ඔරලෝසු කණුව සාදා ඇත.


ගාලු කොටුවේ පරිමාණුකූල කුඩා සැළසුමක් දැනට කොටුව තුළ ඇති ජාතික කෞතුකාගාර ගාල්ල ප්‍රදර්ශණ ශාලාවේ ඇත. එය නැරඹීමෙන් කොටුව හා එහි සැළැස්ම පිළිබඳව යමෙකුට අවබෝධයක් ලබා ගත හැකිය.


ලන්දෙ‍්සීන් විසින් පෘතුගීසීන් පලවා හරින ලද්දෙ‍් කුමන ආකාරයට ද එළෙස ම පසු කලෙක ඉංග්‍රීසීන් විසින් ලන්දෙ‍්සීන් පලවා හැර ගාලු කොටුව අත්පත් කර ගන්නා ලදී. එහෙත් ඉංග්‍රීසීහු ලන්දෙ‍්සීන්ගෙ‍් ගෘහ නිර්මාණ ලක්ෂණ ඇති ගොඩ නැගිලි එලෙසම තිබෙන්නට හැර ඒවායෙන් ප්‍රයෝජන ගත්තෝය.


ඊසාන දෙසින් ඇති දොරටුවේ උඩින් V:O:C (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE) ලකුණ තවම දැකිය හැකිය. මෙම ලකුණ 1669 දී සකස් කරන ලද බව එහි සඳහන් වේ. ඊසාන දිග දොරටුවෙන් කොටුව තුලට පිවිසෙන්නකුට කොටුවට ඇතුළු වූ විගස ආපසු හැරී දොරටුවට ඉහලින් බැම්ම දෙස බැලුව හොත් ඒ මත ඇති මෙම ලකුණ දැකිය හැකිය. එමෙන්ම මෙම දොරටුවෙන් ඇතුල් වීමට ප්‍රථම කොටුවේ පිටත සිට දොරටුව ඉහල බලන්නෙකුට ඉංග්‍රීසින් විසින් මූර්තිමත් කරන ලද ඔවුන්ගෙ‍් ‍ලාංඡනය දැකිය හැකිය . ලන්දෙ‍්සින්ගෙ‍් හා ඉංග්‍රීසීන්ගෙ‍් ලකුණු එකම ස්ථානයක දි දැකිය හැකි ස්ථානයක් ලෙස ගාලු කෙ‍ාටුවේ මෙම ස්ථානය හැදින්වේ.


එහෙත් මේ පිළිබඳව මාවිසින් යෙදුණ අධයයනයක දී මා බැස ගත් තීරණය මෙසෙ‍්ය. ලන්දෙ‍්සීන්ගෙ‍් V:O:C ලාංඡනය ඉංග්‍රීසීන් විසින් කොටුව අල්ලා ගැනීමට ප්‍රථම තිබෙන්නට ඇත්තෙ‍් දැන් ඉංග්‍රීසීන්ගෙ‍් ලාංඡනය ඇති ස්ථානයෙ‍් විය යුතුය. බලය අල්ලා ගැනිමෙන් පසුව ඉංග්‍රීසීන් විසින් එම ලාංඡනය ගලවා ඉංග්‍රීසීන්ගෙ‍් ලාංඡනය එම ඉඩෙහි මූර්තිමත් කරන්නට ඇත. ගලවා ඉවත් කරන ලද ලංදෙ‍්සි ලාංඡනය කොටු දොරටුවේ ඇතුල් බැම්මේ ඉහලින් සවි කරන්නට අ‍ැත. එය නොවැදගත් ස්ථානයකි. මේසා නිර්මාණාත්මක සුවිසල් කොටුවක් නිර්මාණය කළ ලන්දෙ‍්සීන් විසින් තමන්ගෙ‍් අනන්‍යතාවය මෙවැනි ස්ථානයක ඉදි කරන්නට ඇතැයි සිතිය හැකි නොවේ.

දැනට කොටුව තුල ඇති ලන්දෙ‍්සි ගොඩනැගිලි අතරින් පැරණි රෝහලක් වන කච්චේරිය, අධිකරණ ගෙ‍ාඩනැගිලි, හෝටල්, කෞතුකාගාර ගොඩනැගිල්ල හා ඕලන්ද පල්ලිය වඩා වැදගත් ගෙ‍ාඩනැගිලි වේ.


යම් අයෙකුට ලන්දෙ‍්සින්ගෙ‍් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අධ්‍ය්‍යනය කිරිමටත්, ඒවායෙ‍් ඇති දෑ බලා ගැනීමටත් අවශ්‍ය නම් යා යුත්තෙ‍් ගාලු කොටුව වෙතය. ගාලු කොටුව තුළ ඇති පාරවල් කොටු රූල් කොළයකට සමානය. ලන්දෙ‍්සීන් විසින් සාදන ලද පාරවල් අතරින් LEYN BANN STREET (ලෙ‍්න් බාන් වීදිය ) LIGHT HOUSE STREET (ප්‍රදීපාගාර විදිය) PEDLER STREET(පෙඩ්ලර් විදිය) ප්‍රධාන වෙ‍ි. මෙ‍හි සියලු ම වීදි දෙපස ගොඩනැගිලි ඉදිකර ඇත. එහෙත් දෙපස කානු දක්නට නෙ‍ාමැත. නිවෙස්වල අපද්‍රව්‍ය සමඟ පාරට එකතු වන වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පොළොව ඇතුළට ගිලී යයි. පාර මැදට වන්නට දිගටම පොළොව යටින් අපදුව්‍ය ගෙන යන කානු පද්ධතියකි. එය මුහුද දක්වා දිව යයි. මුහුදෙ‍් රළ වෙරළට වැදී ආපසු මුහුදට ඇදී යාමත් සමඟම කානුවල ඇති අපද්‍රව්‍ය ද ඒ සමඟ ඇදී යන ආකාරයට මෙම බැහැර කිරිම් සකස් කර තිබී ඇත. මෙය ආයාසයකින් තොරව ස්වාභාවිකව අපද්‍රව්‍ය බැහැර කිරිමට පරිසර ශක්තිය උපයෙ‍ා‍්ගි කරගත් අවස්ථාවකි.


දිවයිනෙ‍් ධනවත් ගෙවල්වල ආවේනික අංගයක් බවට පත් වූ මැද මිදුල් ක්‍රමය සහ සඳළුතල සකස් කිරිමේ ක්‍රමය ගාල්ල කොටුව ඇතුළත ඉදිවු ගෘහයන්ගෙන් ආරම්භ වි ව්‍යාප්ත වුවකි. ආරුක්කු සහිත දොරටු යෙදිම ලන්දෙ‍්සි ගෘහ නිර්මාණ ශිල්පයෙ‍් විශෙ‍්ෂ ලක්ෂණයක් වේ. ගාලු කොටුවට ආවේනික වූ ලක්ෂණ සහ ඵෙතිහාසික කරුණු රැකෙන පරිදි කටයුතු කිරිමට බොහෝ වැඩ පිළිවෙළවල් දියත් වේ. එය අගය කළ යුතුය. විශෙ‍්ෂයෙන් ම එකල ඕලන්දය වූ දැන් නෙදර්ලන්තයෙන් ලැබෙන අනුග්‍රහය හා අවධානය වටිනාකමෙක් ඇත්තකි. දැනට පිහිටුවා ඇති ගාලු උරුමය පදනම ද බොහෝ වැඩ පිළිවෙලවලට දායක වෙමින් සිටින අතර කොටුව ඇතුළත පිහිටි කාර්යාල සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ලෙස දුම‍රිය ස්ථානය අසල ඉදිවන විශාල මහල් ගොඩනැගිල්ල ඉදි වු පසු කොටුව ඇතුළත කලබලකාරී ගතිය මඳක් අඩුවනු ඇත.

1972 දී යුනෙස්කෙ‍ා‍් සංවිධානය ස්ථිර කරගත් පරිදි ජගත් උරුමයන් සුරැකීමේ සම්මුතිය ආරම්භ කරන ලදි. මෙහි ලෙ‍්ඛනගතකොට ඇති රටවල් අසූවක සංස්කෘතික උර‍ැමයන් සංඛ්‍යාව තුන්සිය අසූවකි. ගාල්ල පැරණි නගරය හා බලකෙ‍ාටුව ඉන් එකකි.
තොරතුරු සෙවීම : ප්‍රාදෙ‍්ශීය ලෙ‍්කම් එම්.කෙ‍් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා (පුද්ගලිකවයි.)
ආශ්‍රිත ලෙ‍්ඛන - ගාලු පුරවරය.
ඇම්.ඩි. ලාල් චන්ද්‍ර
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ලන්දේසි යුගයේ සිට ගාල්ල ප්‍රදේශයට දොරටු 04 කින් මහජනයාගෙන් බදු මුදල් අයකර ඇතුළ් කර ඇති අතර, එම ස්ථානයන් වූයේ ගි‍ංතොට පාලම, කඩවත්ත පාලම(රූමස්සල අසල) බටදූව, කඩවැද්දුව (වර්තමානයේ බටුවන්තුඩාව) යන ස්ථ‍ානයි. මෙවන් දොරටු හතරකින් ඇතුළත්වූ නිසා මෙම ප්‍රදේශය කඩවත් සතර නම් වූ බව ජනප්‍රවාදයේ එයි. ලන්දේසි යුගයේ ‍ග්‍රැව‍ෙටා‍‍‍‍‍‍‍‍‍‍‍් නමින්ද හැඳින්වූ මෙය ඉංග්‍රීසියෙන් ග්‍රැවේට්ස් වශයෙන් භාවිතාකර ඇත. ගාල්ල කඩවත් සතර ලෙස භාවිතයට ගෙන ඇත්තේ එලෙස විකාශනය වෙමිනි.


උපදිසාපති කාර්යාලයක් ලෙස ගාල්ල කොටුව ඊකෝට්ස් ගොඩනැගිල්ලේත්, 1992.11.30 දින ගැසට් නිවේදනය අනුව ගාල්ල පැරණී කච්චේරි ගොඩනැගිල්ලේත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලෙස ස්ථානගත කරන ලදි. අනතුරුව 2004 දෙසැම්බර් මස 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් කාර්යාලය හානියට පත්විය. ඉන් අනතුරුව එම ස්ථානයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පළමු මහලට රැගෙන‍ ගිය අතර වර්තමානයේ එම ස්ථානයේ කාර්යාල කටයුතු පවත්වාගෙන යයි.
ආසන්න නගර:
ඛණ්ඩාංක:   6°2'9"N   80°13'0"E
  •  90 කි.මි.
  •  95 කි.මි.
  •  113 කි.මි.
  •  122 කි.මි.
  •  125 කි.මි.
  •  128 කි.මි.
  •  145 කි.මි.
  •  261 කි.මි.
  •  306 කි.මි.
  •  308 කි.මි.
This article was last modified වර්ෂ 14 ට පෙර