නාගදීප පුරාණ රජමහා විහාරය
Sri Lanka /
Yapanaya /
Jaffna /
World
/ Sri Lanka
/ Yapanaya
/ Jaffna
World / ශ්‍රී ලංකාව /
සිද්ධස්ථානය, place with historical importance (en), බෞද්ධ විහාරස්ථානය
නාගදීප පුරාණ රජමහා විහාරය ශ්‍රිලාංකික බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවු අතිපුජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි. බුද්ධ වර්ෂ පළමු වන සියවසේ පටන් වන්දනාකරුවන් විසින් නාගදීපයේ පිහිටි පුරාණ රාජායතන චෛත්‍ය වැදපුදා ගැනිමට පැමිණි බවට වාර්තා ඇත.
මිණිපළගක අයිතිය මුල්කරගෙන චුලෝදර හා මහෝදර නාරජුන් අතර ඇතිවීමට ගිය බිහිසුණු යුද්ධයක් සමතයකට පත් කිරිම පිණිස බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක් මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකා ගමනයයි. සටන් පැවති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිද බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසුහ. එයින් සතුටට පත් නාගයෝ ගැටුමට මුල්වු මිණිපළග බුදුරජුන් හට පිදුහ. උන්වහන්සේ වැඩ සිටිමෙන් පාරිභෝගික වස්තුවක් බවට පත්වු මිණිපළග නැවතත් නාරජුන් වෙත පිරිනැමුණු අතර පසුව ඔවුන් විසින් එය තැන්පත් කොට රාජායතන චෛත්‍ය ගොඩනගන ලදී. දේවානම් පියතිස්ස දුටුගැමුණු රජසමයන්හිදී නාගදීප රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට මනාව සංවර්ධනය වු පූජනීය ස්ථානයක් බවට පත් කරන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි පාලන සමයන්හිදී මුහුදු බඩ ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරිමත් සමගම නාගදීප විහාරස්ථානයද විනාශයට පත්කෙරුණු අතර දිර්ඝ කාලයක් පුරා බෞද්ධ ජනතාවට එය වැදපුදා ගැනීමේ භාග්‍ය අහිමි විය.
වර්ෂ 1931දී අම්බලන්ගොඩ සෝමසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේ නාගදීපයට වැඩම කොට රාජායතන චෛත්‍යයේහි නටබුන් හා කිරිපලු නුගරුක දැක මෙම ස්ථානය බුදුරජාණන් වහන්සේ වැඩහිද ධර්ම දේශනා කළ මිණිපළග නැත්පත් කොට ඉදිකරන ලද රාජායතන චෛත්‍ය පිහිටි ස්ථානය බව තහවුරු කොට ගෙන පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන් ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාව සදහා නැවත වන්දනා කිරිමේ භාග්‍යය උදා කර දෙන ලදි.
උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීණාචාර්ය ධර්ම කීර්ති ශ්‍රි පුජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ නාගදීප පුරාණ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරන අතර උන්වහන්සේ අපවත්වී වදාළ අමරපුර නිකායේ මහනායක රාජකීය පණ්ඩිත අතිපුජ්‍ය බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය නමකි.
ශ්‍රිලංකාවේ විවිධ ජනවර්ගීන් අතර සුසංගමය ඔපනංවන්නාවු ප්‍රකට නිදසුනක් වු නාගදීප පුරාණ රජමහා විහාරය විවිධ වකවානු වලදී වැඩිදියුණු කෙරුණු අතර වර්තමානයේදී එය සැදැහැවත් බෞද්ධයන්ගේ අතිපුජනීය වන්දනා ස්ථානයක් බවට පත්වී ඇත.
නිල වෙබ් අඩවිය: www.nagadeepaviharaya.lk/

ආසන්න නගර:
ඛණ්ඩාංක: 9°36'44"N 79°46'26"E
- අභයගිරි චෛත්‍ය (අභයගිරි ස්තූපය) 154 කි.මි.
- රිදී විහාරය 244 කි.මි.
- කොළොන්නාව රජමහා විහාරය 298 කි.මි.
- Gothatuwa Kande Old Temple 299 කි.මි.
- නවගමුව විහාරස්ථානය හා පූජා භූමිය 300 කි.මි.
- මහ මෙව්නාව අසපුව 302 කි.මි.
- Embulgama Rajamaha Viharaya 303 කි.මි.
- කෝට්ටේ නාග විහාරය 304 කි.මි.
- මොරගහතැන්න මහා විහාරය 310 කි.මි.
- "ශ්‍රී විනයාලංකාරාමය'' පොකුණුවිට (බුරුම පංසල) 322 කි.මි.
- ලංකා බැංකුව නයිනතිව් ශාඛාව 0.2 කි.මි.
- නාගදීප ජැටිය 0.2 කි.මි.
- කිරායි වැව 0.6 කි.මි.
- නියනතිවු මහා විද්‍යාලය 0.7 කි.මි.
- නාගදීපය 1.2 කි.මි.
- ඩෙල්ෆ් බලකොටුව 13 කි.මි.
- නැඳුන් දිවයින 14 කි.මි.
- යාපනය අර්ධද්වීපය 32 කි.මි.